Microsoft Teams යනු සන්නිවේදනයට, පාඩම්, අදහස් හා ලිපි ලේඛන හුවමාරු කර ගැනීමට යොදා ගන්නා සේවාවක් වන අතර එමගින් වීඩියෝ සම්මණ්ත්‍රණ හා මාර්ගගත(Online) පංති පැවැත්වීමට, ගොනු ගබඩා කිරීමට, මෘදුකාංග හා ඒකාබද්ධ ව වැඩ කිරීමට පහසුකම් සැලසේ. රටේ මතු වන හදිසි තත්ත්ව වලදී පාසලේ වැඩ කටයුතු අඛණ්ඩව කර ගැනීමට බාධා වන අවස්ථා වලදී මෙවැනි සේවාවන් ඉතා අඩු දත්ත වැය වීමකින් ලබා ගත හැක. මෙමගින් පාසල හරහා ඔබගේ දියණියට ඊමේල් ලිපිනයක් සහ තම ඉලෙක්ට්‍රොනික ලිපි ලේඛන සුරක්ෂිතව පවත්වා ගැනීමට 1 TB ක දත්ත ධාරිතාවයක් යනාදී සුවිශේෂී සේවා රැසක් අත්පත් කරගත හැක.