ms-teams

Microsoft Teams සේවාව

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ  උසස් පෙළ අංශයේ  12, 13 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දියණියන් සඳහා Microsoft Teams සේවාව යොදා ගෙන අධ්‍යාපන කටයුතු සිදු කිරීම අද (28/05/2020) ඇරැඹිණි. මෙම සේවාව පිළිබඳ සියලු වගකීම් දරන්නේ සහ පාලනය වන්නේ විද්‍යාලය මගින් වන බැවින්, ඒ සඳහා කිසිදු  වියදමක් දැරීමට දියණියන්ට හෝ ආචාර්ය මණ්ඩලයට සිදු නො වේ . ඔබ තවමත්  මේ සේවාව සඳහා ලියා පදිංචි වී නැතිනම් වහා ඒ සඳහා යොමු වන ලෙස දන්වා සිටින අතර වර්තමානයේ  පවතින තත්වය තුළ නොමිලේ ලබා දෙන මාර්ග ගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මගින් ඔබ  උපරිම ප්‍රයෝජන ලබා ගනු ඇතැ යි  මාගේ බලාපොරොත්තුව යි. Microsoft Teams සේවාව ලබා දෙන තුරු , විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මැනවින් ඉටු කළ ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ට විද්‍යාලයේ ප්‍රණාමය පුද කරමි.
 
විදුහල්පතිනිය ,
ශාන්ත පාවුළු බාලිකා  විද්‍යාලය , මිලාගිරිය

Leave a Reply

Close Menu